ඒක හරිම සාමකාමී කාලයක්. රටවැසියො කවුරුත් බොහොම සතුටින් හිටියේ. රටේ රජතුමාත් මේ නිසාම හරිම සතුටින් හිටියේ. රටවැසියො සතුටින් ඉන්න එක රජතුමාටත් ලොකු සතුටක් වුනා. නිදහසේ ගතකරන සමහර දවස්වල රජතුමා ඇවිදින්න යනවා. එහෙම ගමන්කරන්නේ එතුමගේ මංගල හස්තිරාජයා පිටේ.ඒ කියන්නේ රජතුමාට අයිති ඇතාගෙ පිටේ. රජතුමා එහෙම මංගල හස්තිරාජයා පිටේ නැගලා තේජවන්තව ගමන්කරදිදී රජතුමාගෙ ඇමතිවරුත් රජතුමා එක්ක පයින් යනවා. ඒක ඒ කාලෙ සිරිතක්.
අන්දරේ කියන්නේ රජවාසලේ කවටයා. ඒ කියන්නේ රජතුමාගෙ මාලිගාවෙ අයව විනෝද කරවන කෙනා. රජ වාසලේ කවුරුහරි දුකින් කණගාටුවෙන් ඉන්නවනම් ඒ අයව හිනස්සවලා සතුටින් තියන එක තමයි අන්දරේගේ රාජකාරිය. අන්දරේ නිතරම හිටියෙ රජතුමා එක්කමයි. මොකද රජතුමාව හැම වෙලාවෙම සතුටින් තියන්න අන්දරේට පවරලා තිබුන නිසා.
ඔන්න එක දවසක් රජතුමා එළිමහනෙ ඇවිදින්න හිතාගෙන මංගල හස්තිරාජයා පිටට නැගලා ඇමතිවරුත් එක්ක මාළිගාවෙන් පිටත් වුනා. අන්දරේ හැම වෙලාවෙම රජතුමා එක්ක ඉන්න නිසා අන්දරෙත් මේ ගමනට එකතු වුනා. ඉතිං මේ ගමන යන ගමන් රජතුමා ඇමතිවරුත් එක්ක කතාබහ කරනවා. රජතුමාට හිතෙන දේවල් කියනවා. ඇමතිවරුන්ගෙ අදහස් අහනවා. රජතුමා මොනවා කිව්වත් ඒක අනුමත කරන්නයි ඇමතිවරු පුරුදු වෙලා හිටියේ.රජතුමාට විරුද්ධ අදහසක් තිබුනත් ඒක කියන්න ඇමතිවරු බය වුනා. මොකද රජතුමා උදහස් වුනොත්, ඒ කියන්නේ රජතුමාට තරහ ගියොත් ගොඩක් කරදර වෙන්න ඉඩ තියෙන නිසා.
මේක රජතුමා දැනගෙන හිටියා. කපටි ඇමතිවරුන්ට පාඩමක් උගන්වන්නයි විනෝදයක් ලබන්නයි හිතාගෙන රජතුමා නියම වැඩක් කරා. රජතුමා ගමන්කරන්නේ ඇතාගේ පිටේ. ඉතිං රජතුමා ඉන්නෙ ටිකක් උඩින්. ඒ යන ගමන් රජතුමා ගස්වලින් කොළ කඩල බිමට දැම්මා. ඒ කොළ පෙන්නලා ඇමතිවරුන්ගෙන් ඇහුවා "ඇමතිවරුනේ, මේ කොළ උරුලෑ ගදයි නේද" කියලා. උරුලෑවා කියන්නේ හරිම ගද සතෙක්. උරුලෑවා ගිය පාරත් ටිකක් වෙලා යනකම් ගදයි. ඔන්න ඇමතිවරුත් අර කොළ අහුලගෙන නහය ළගට තියල ගදයිද කියල බැලුවා. ඇමතිවරුවරුන්ටනම් උරුලෑ ගදක් කොළ වලින් ආවෙ නෑ. ඒත් ඇමතිවරු බයවුනා රජතුමාට ඇත්ත කියන්න. ඒක නිසා වෙනද වගේම බොරු කියන්න ඇමතිවරු කතාකරගත්තා. ඇමතිවරු සේරම එක හඩින් "එහෙමයි අපෙ මහ රජතුමනි" කියල කිව්වා. ඊට පස්සෙ රජතුමා තව කොළයක් කඩල අරන් අන්දරේට දුන්නා. එහෙම දීලා අන්දරේගෙන් ඇහුවා " අන්දරේ, මේ කොළ උරුලෑ ගදයි නේද" කියලා. ඇමතිවරුන්ගේ බොරුව හෙලි කරන්නත් ගමනේ මහන්සිය මැකෙන්න විහිළුවක් කරන්නත් අන්දරේට මේක කදිම අවස්ථාවක් වුනා. ඒක නිසා අන්දරේ මෙහෙම කිව්වා. " අවසරයි අපෙ මහ රජතුමනි.ඇත්තුන්ටත් ඉහලින් යන උරුලෑවන් ගැන මා නම් අසා නැත. මේ කොළ උරුලෑ ගද නැහැ". අන්දරේ එහෙම කිව්වෙ මොකද දන්නවද. උරුලෑව කියන්නෙ බිමින් යන පොඩි සතෙක්. ඉතිං කොහොමද ඒ සතා අලියෙක් තරම් උසින් යන්නේ. අන්දරේ ඇත්ත කිව්ව නිසා රජතුමා ගොඩාක් සතුටු වුනා. ඒ වගේම අන්දරේගෙ අවංක කමට ගරුකරලා තෑගිබෝගත් දුන්නා. ආයෙත් බොරු කියන්න එපා කියලා ඇමතිවරුන්ටත් උපදෙස් දුන්නා.
Live Casino Gaming in South Africa | GoyangFC
ReplyDeleteSouth 안전 사이트 African live casino 라이브 바카라 gambling is the most popular casino 토토사이트 type in Africa. You can now 문 페이 experience live gaming mgm공식사이트 in your own home with