බොහෝම ඉස්සර කාලේ අපේ රටේ ඈත ගම්මානෙක තමයි මේ සිදුවීම සිද්ධ වුනේ. මේ ගමේ හිටියා හරිම යහපත් නුවණක්කාර ගොවියෙක්. මෙයා තමයි ඒ ගමේ ගමරාළ. ගමරාළ කියන්නේ ඉස්සර කාලේ ගමේ හිටපු පාලකයා. ගමේ නායකයා වගේ කෙනා. මෙන්න මේ ගමරාළ දවසක්දා හේනක් කොටන්න හිතාගෙන උදේ පාන්දරින්ම ගෙදරින් පිටත්වුනා. ඉස්සර අපේ රටේ උදවිය උදේ පාන්දරම නැගිටින්නත් කලින් නින්දට යන්නත් හුරුවෙලා හිටියේ. ඒක නිසා තමයි අපේ මේ ගමරාළත් උදේ පාන්දරම හේන කොටන්න පිටත්වුනේ.හේන කියන්නේ අපේරටේ මින්ස්සු වගාකටයුතු සදහා යොදාගත්තු කැළෑ බිමට. ඒ කැළේ තිබුන ගස් කපලා එළිකරගෙන ඒකෙ එළවළු වර්ග හිටවන එක තමයි හේන් ගොවිතැන කියලා කියන්නේ.
ඉතිං ඔන්න උදේ පාන්දරම ගෙදරින් පිටවුන ගමරාළ පැයක් දෙකක් කැළේ ඇතුලේ ඇවිදගෙන ගියා. හේනක් කොටන්න සුදුසු තැනක් හොයාගත්තු ගමරාළ, එතන තිබුනු ගස් කපල එතන සුද්ධ කරන්න පටන්ගත්ත. මේ කැළේ තියෙන ලොකු ගස්වල තමයි යක්කු ජීවත් වෙන්නේ. යක්කු මිනිස්සුන්ට වඩා බලවත්. හැබැයි යක්කුන්ට බය නැති මිනිස්සුත් ඉස්සරකාලේ හිටියා. යකාට බයයි කියල පෙන්නුවොත් යකා ඒ මනුස්සයාට කරදර කරනවා. හැබැයි යකාව බයකරගත්තොත් යකාට කියල වැඩ කරගන්න පුළුවන්. මොකද යකා මිනිස්සුන්ට වඩා බලවත් නිසා. දැන් ඔන්න අපේ ගමරාළත් කැලේ කපන්න පටන්ගත්තා. කැලේ කපාගෙන කපාගෙන යද්දී මහ විශාල ගහක් ලගට ගමරාළ ආවා. යක්කු පදිංචි වෙලා හිටියේ ලොකු ගස්වල. මේ ගහෙත් යකෙක් හිටියා. යකා හොදටම කලබල වුනා.
"මේ මිනිහා මගේ ගහත් කපන්න නේද හදන්නේ" කියල යකා කල්පනා කලා.
ඊට පස්සේ ගහෙන් බිමට පැනගත්තු යකා එකපාරටම ගමරාළ ඉස්සරහට ආවා. එහෙම ඇවිල්ලා
" ගමරාළයෝ, මගේ මේ ගහ කපන්න හැදුවොත් මම උඹව කෑලි කෑලි වලට ඉරලා දානවා" කියල කිව්වා.
ගමරාළත් හොදටම බයවුනා. ඇයි ඉතිං යක්කු කියන්නේ කියන දේ කරන ජාතියක්නේ. හැබැයි අපේ නුවණක්කාර ගමරාළ කළබල වුනේ නෑ. එයා යකාට බයයි කියලා පෙන්නුවෙත් නෑ. බොහෝම එඩිතර මුහුණක් මවාගෙන මෙන්න මෙහෙම කිව්වා.
" ඈ බොල යකෝ, උඹට බයේ කැලේ කපන්නෙ නැතුව ඉන්නෙ කොහොමද. උඹට ඕනෙනම් වෙන ගහකට පලයන්"
දැන් යකාටත් හිතාගන්න බෑ මොනව කරන්නද කියලා. යකා තේරුම් ගත්තා මේ ගමරාළව කවදාවත් බයකරන්න බෑ කියලා.ගමරාළව යාළුකරගෙනවත් මේ ගහ කපන එක නවත්තගන්න යකා කල්පනා කළා. ගමරාළ ළගට ගිය යකා ගමරාළට මෙන්න මෙහෙම කිව්වා.
"ගමරාළයෝ, මෙන්න මේ ගහ අතඇරල වෙන ගහක් කපාගනින්.මේ කැලේ ඔය ඕනෙතරම් ගස් තියෙන්නේ"
ගමරාළට තේරුනා යකා දැන් ගමරාළට බයවෙලා ඉන්නෙ කියලා. ඒක නිසා ගමරාළ තවත් නපුරු පෙනුමක් අරන් යකාට මෙන්න මෙහෙම කිවිවා.
" ඒ ගස්වලත් යක්කු හිටියොත් මට හේන කොටන්න වෙන්නෙ නෑ. ඒත් මට උඹ ගැන දුකයි. ඒක නිසා මම මේ ගහ කපන්නේ නෑ.හැබැයි උඹ මට පොරොන්දුවක් වෙන්න ඕනේ. හැම මාසෙම මට එළවළු ගෝනියයි වී ගෝනියයි මගේ ගෙදරටම ගෙනත් දීපන්. උඹ කැමතිද"
යකා මේ යෝජනාවට කැමති වුනා. ගමරාළ ගෙදර ගිහින් මේ බව ගම හාමිනේටත් කිව්වා. දෙන්නම බලාගෙන හිටියා යකා එළවළු ගෝනියයි වී ගෝනියයි අරන් එනකම්. මාසයක් ගතවුනා. ඔන්න යකා පොරොන්දු වුන විදිහටම එළවළු ගෝනියයි වී ගෝනියයි ගෙනාවා. එදා ඉදලා දිගමට යකා තමන්ගේ පොරොන්දුව ඉටුකරා. ගමරාළත් ගම හාමිනෙත් බොහෝම සන්තෝසෙන් දවස ගතකළා.
මේ අතරෙ කැළේ ඉන්න අනික් යක්කුන්ටත් මේ ආරංචිය පැතිරිලා ගියා. ඒ අය යක් නායකයට මේ බව දැන්වුවා. යක් නායකයට හරිම තරහයි මේ සිදුවීම ගැන. ඇයි ඉතිං යකා මිනිස්සුන්ට බයයි කියන්නේ හරිම ලැජ්ජාවක්නේ. ගමරාළට පාඩමක් උගන්වන්න ඔනේ කියල කල්පනා කරපු යක් නායකයා දවසක් ගමරාළගේ ගෙදරට ගියා ගමරාළව මරන්න හිතාගෙන.
ගමරාළගේ වත්ත හරිම සරුසාරයි. මේ වත්තේ තිබුන කුරුම්බා ගහේ රසම රස කුරුම්බා හැදෙනවා. වතුර තිබහටයි බඩගින්නටයි කුරුම්බා නියම කෑමක්. මේ කුරුම්බා ගහේ අළුතින්ම හැදුන කුරුම්බා ගෙඩි කඩාගත්තු ගම හාමිනේ ඒවා ගමරාළගේ ඇද යටින් දැම්මා. මේ වෙලාවේ ගමරාළ නාන්න ගිහින්. දැන් ඉතින් නාලා ඉවරවෙලා බඩගින්නේ ගෙදර එන ගමරාළට දෙන්න තමයි මේ කුරුම්බා කැඩුවේ. කුරුම්බා ගෙඩි ටික ගමරාළගේ ඇද යටින් දාපු හාමිනේ ගමරාළට කෑම උයන්න කුස්සියට ගියා. මේ අතරේ යක් නායකයත් ගමරාළගේ ගෙදරට ආවා ගමරාළව මරන්න හිතාගෙන. ඇවිත් යක් නායකයත් රිංගුවා ගමරාළගේ ඇද යටට.
ඔන්න අපේ ගමරාළ නාගෙන ගෙදර ආවා. ගමරාළට හරිම බඩගිනියි. ගම හාමිනේට මරිම රසට උයන්න පුළුවන්. දැන් ගම හාමිනේ උයන කෑමවල සුවද ගමරාළට දැනෙනවා. ඒ සුවදට බඩගිනි තවත් වැඩිවෙනවා.
" හාමිනේ, හරිම බඩගිනියි. කන්න මොකුත් නැද්ද. හප්පේ... යකෙක් කන්න බඩගිනියි" කියල ගමරාළ කිව්වා.
මේක ඇහුන යක් නායකය බයවුනා. යක් නායකයා හිතුවේ ගමරාළ යක්කු කනව කියලා. හැබැයි යකෙක් කන්න බඩගිනියි කියන්නේ ගොඩාක් බඩගිනියි කියන එක. යක්කු ඒක දන්නෙ නෑනේ. යකා ඒක නිසා හොදටම බය වුනා.
"ඔන්න ඇද යට ඇති... කපාගෙන කනඑකයි ඇත්තේ.." කියලා ගම හාමිනේ උත්තර දුන්නා.
ඇයි දන්නවද? ගම හාමිනේ කුරුම්බා ටික තිබ්බේ ඇද යටින්නේ. යකා ඒක දන්නේ නෑ. යකා හිතුවෙ හාමිනේ යකා ඉන්න තැන කිව්වා කියලා. දැන් යකා බයේ වෙව්ලනවා. කුරුම්බා බොන්න කලින් කපන්න ඔනේ. ඒක නිසා ගමරාළ කැත්තත් අරගෙන ඇද ළගට ආවා. යක් නායකයා හිතුවේ දැන් ගමරාළ යකාව මරන්න එනව කියලා. එකපාරටම ඇදෙන් එළියට ආපු යක් නායකයා ගමරාළට වැදගෙන මෙන්න මෙහෙම කිව්වා.
"අනේ බුදු ගමරාළයෝ... මාව මරන්න එපා. මම උඹට හැම මාසෙම එළවළු ගෝනි දෙකයි වී ගෝනි දෙකයි ගානේ ගෙනත් දෙන්නම්" කියලා.
ගමරාළට මොකුත් හිතාගන්න බෑ. ඇයි ඉතිං ගමරාළ දන්නේ නෑනේ ඇද යට යකෙක් ඉන්නවා කියලා. අන්තිමට එදා ඉදලා ගමරාළට හැම මාසෙම එළවළු ගෝනි තුනයි වී ගෝනි තුනයි ගානේ යක්කුන්ගෙන් ලැබුනා.ගමරාළයි හාමිනේයි ඒවා ගමේ මිනිස්සුන්ටත් බෙදල දුන්නා. තමන්ට ලැබෙන දේ අනික් අයටත් බෙදල දෙන එක අපේ හොද සිරිතක්.
Tuesday, April 19, 2011
Monday, April 18, 2011
Andare - අන්දරේගේ අවසන් විහිළුව ...
අවුරුදු ගනනාවක්ම රජවාසලේ, ඒ කියන්නේ රජතුමාගේ මාළිගාවේ කවටයා, එහෙමත් නැත්නම් විහිළුකාරයා හැටියට රාජකාරි කරපු අන්දරේ මහළු වයසට එළැඹුනා. ඉතිං අන්දරේ තීරණය කළා රජතුමාගේ සේවයෙන් අයින් වෙලා නිදහසේ තමන්ගේ උපන් ගම වෙත යන්න. රජතුමාවත් මාළිගාවේ අනෙක් අයවත් කැමති වුනේනම් නෑ අන්දරේ මාළිගාව අතහැරල යනවට. මොකද කියනවනම් අන්දරේ ඉන්න තැන කවදත් සිනහව නොඅඩුව තිබුන නිසා. මොනව වුනත් අන්දරේගේ ඉල්ලීම නොසලකා ඉන්නත් බෑ. අන්තිමට රජතුමා අන්දරේට අවසර දුන්නා තමන්ගේ උපන් ගම බලා පිටත් වෙන්න. රජ මාළිගාව තිබුනේ කන්ද උඩරට මහනුවර. අන්දරේගේ ගම පිහිටලා තිබුනේ මහනුවරින් ටිකක් දුර. රජතුමාගෙන් අවසර අරගත්තු අන්දරේ පහුවදා උදේම තමන්ගේ ගමට යන්න පිටත් වුනා.
ඒ ගමන් මග දුෂ්කර එකක්. ඒ කියන්නේ හුගක් අමාරුකම් වලට මුහුණදෙන්න අන්දරේට සිද්ධ වුනා. අද කාලේ වගේ නෙවෙයි. පාරවල් වැටිලා තිබුනේ මහා ඝන කැලෑ මැදින්. මිනිස්සු ඉන්න ගම්මානයක් මුණගැහුනේ ඉදහිට. අනික දැන් අන්දරේ හුගාක් මහළුයි. ඒක නිසා ශරීරයත් දුර්වලයි. තැනින් තැන නැවතෙමින්, විවේක ගනිමින් අන්දරේ ගමන් කළා.
මෙහෙම අමාරුවෙන් ගමන් කරපු අන්දරේ එක ගහක් යට නැවතුනා. අන්දරේට දැන් හුගක් මහන්සියි. වතුර තිබහයි. ඒත් වතුර ටිකක් ගන්නවත් අන්දරේට අමාරුයි. ඒ තරමටම වයසයිනේ. වතුර ටිකක් ඉල්ලගන්න කෙනෙක් ළගපාත ඉන්නවද කියල අන්දරේ බැලුවා. ඒත් කවුරුවත්ම නෑ. අන්තිමට අන්දරේට මෙන්න මේ කවිය කියවුනා.
රිදී කලේ රන් කොතලේ බීපු මට
නිකම් කලේ පැන් නැතිවිය පිපාසෙට
කොට්ට මෙට්ට ඇද ඇතිරිලි තිබුන මට
මෙහෙමත් කල යාද පළු වීර ගස් යට
අන්දරේ රජ වාසලේ ඉන්න කාලේ වතුර බිව්වේ රන් රිදී කොතල වල. කොතලය කියන්නේ වතුර බොන්න ඒ කාලේ පාවිච්චි කරපු භාජනයක්. කලය කියන්නේ වතුර දාල තිබුන ලොකු භාජනයනේ. ඉතිං මෙහෙම රිදී කලයක දාපු වතුර රන් කොතලයකින් බීපු අන්දරේට අන්තිමට නිකම් කලයක වතුර ටිකක්වත් හොයාගන්න බැරිවුනා. නිකම් කලය හදන්නේ මැටිවලින්. ඒකෙ වතුර බිවිවෙ සාමාන්‍ය මිනිස්සු.
රජවාසලේ ඉන්න කාලේ අන්දරේ නිදාගත්තෙ සුවපහසු කොට්ට මෙට්ටවල වුනාට දැන් මේ වයසක අනදරේ පළු ගහක් යට විවේක ගන්නවා. පළු වීර කියන්නේ ලංකාවෙ වැවෙන පළතුරු වර්ග දෙකක්. සිනිදු ඇතිරිලි මත නිදියගෙන පුරුදු අන්දරේ පළු ගහක් යට හෙවනේ බිම වැතිරිලා මහන්සියට.
මෙහෙම විවේකගන්න හිතාගෙන ගහයටින් වැතිරුණු අන්දරේ ඒ විදිහටම මියගියා. අන්දරේ මියයන්න කලින් වැතිරිලා හිටියේ අතපය හතර විහිදාගෙන. හරියටම X අකුරෙ හැඩේට. ගහ යට නිදියගෙන හිටපු අන්දරේගේ මළකද ගමේ මිනිස්සුන්ට හමුවුනා. ඒ අය අන්දරේගේ මිනිය X අකුරේ හැඩේට හදපු පෙට්ටියක තැන්පත් කරලා මේ ශෝකජනක පණිවිඩය රජතුමාටත් දැන්වුවා. රජතුමා තමන්ගේ හිතවත්ම සේවකයාගේ මළගමට රජවාසළේ අනෙක් සේවකයින් සමග ආවා. ඒ ආව අයට අන්දරේගේ මිනී පෙට්ටිය දැකල හිනහව නවත්වගන්න බැරිවුනා. ඇයි අමුතුම හැඩයේ මිනීපෙට්ටියක්නේ.
"අන්දරේ මැරිලත් අපව හිනස්සනවා" කියල රජතුමා ඒ වෙලාවෙ කිව්වා.

Sunday, April 17, 2011
Andare - ඇතුන්ටත් ඉහලින් ගිය උරුලෑවා ...
ඒක හරිම සාමකාමී කාලයක්. රටවැසියො කවුරුත් බොහොම සතුටින් හිටියේ. රටේ රජතුමාත් මේ නිසාම හරිම සතුටින් හිටියේ. රටවැසියො සතුටින් ඉන්න එක රජතුමාටත් ලොකු සතුටක් වුනා. නිදහසේ ගතකරන සමහර දවස්වල රජතුමා ඇවිදින්න යනවා. එහෙම ගමන්කරන්නේ එතුමගේ මංගල හස්තිරාජයා පිටේ.ඒ කියන්නේ රජතුමාට අයිති ඇතාගෙ පිටේ. රජතුමා එහෙම මංගල හස්තිරාජයා පිටේ නැගලා තේජවන්තව ගමන්කරදිදී රජතුමාගෙ ඇමතිවරුත් රජතුමා එක්ක පයින් යනවා. ඒක ඒ කාලෙ සිරිතක්.
අන්දරේ කියන්නේ රජවාසලේ කවටයා. ඒ කියන්නේ රජතුමාගෙ මාලිගාවෙ අයව විනෝද කරවන කෙනා. රජ වාසලේ කවුරුහරි දුකින් කණගාටුවෙන් ඉන්නවනම් ඒ අයව හිනස්සවලා සතුටින් තියන එක තමයි අන්දරේගේ රාජකාරිය. අන්දරේ නිතරම හිටියෙ රජතුමා එක්කමයි. මොකද රජතුමාව හැම වෙලාවෙම සතුටින් තියන්න අන්දරේට පවරලා තිබුන නිසා.
ඔන්න එක දවසක් රජතුමා එළිමහනෙ ඇවිදින්න හිතාගෙන මංගල හස්තිරාජයා පිටට නැගලා ඇමතිවරුත් එක්ක මාළිගාවෙන් පිටත් වුනා. අන්දරේ හැම වෙලාවෙම රජතුමා එක්ක ඉන්න නිසා අන්දරෙත් මේ ගමනට එකතු වුනා. ඉතිං මේ ගමන යන ගමන් රජතුමා ඇමතිවරුත් එක්ක කතාබහ කරනවා. රජතුමාට හිතෙන දේවල් කියනවා. ඇමතිවරුන්ගෙ අදහස් අහනවා. රජතුමා මොනවා කිව්වත් ඒක අනුමත කරන්නයි ඇමතිවරු පුරුදු වෙලා හිටියේ.රජතුමාට විරුද්ධ අදහසක් තිබුනත් ඒක කියන්න ඇමතිවරු බය වුනා. මොකද රජතුමා උදහස් වුනොත්, ඒ කියන්නේ රජතුමාට තරහ ගියොත් ගොඩක් කරදර වෙන්න ඉඩ තියෙන නිසා.
මේක රජතුමා දැනගෙන හිටියා. කපටි ඇමතිවරුන්ට පාඩමක් උගන්වන්නයි විනෝදයක් ලබන්නයි හිතාගෙන රජතුමා නියම වැඩක් කරා. රජතුමා ගමන්කරන්නේ ඇතාගේ පිටේ. ඉතිං රජතුමා ඉන්නෙ ටිකක් උඩින්. ඒ යන ගමන් රජතුමා ගස්වලින් කොළ කඩල බිමට දැම්මා. ඒ කොළ පෙන්නලා ඇමතිවරුන්ගෙන් ඇහුවා "ඇමතිවරුනේ, මේ කොළ උරුලෑ ගදයි නේද" කියලා. උරුලෑවා කියන්නේ හරිම ගද සතෙක්. උරුලෑවා ගිය පාරත් ටිකක් වෙලා යනකම් ගදයි. ඔන්න ඇමතිවරුත් අර කොළ අහුලගෙන නහය ළගට තියල ගදයිද කියල බැලුවා. ඇමතිවරුවරුන්ටනම් උරුලෑ ගදක් කොළ වලින් ආවෙ නෑ. ඒත් ඇමතිවරු බයවුනා රජතුමාට ඇත්ත කියන්න. ඒක නිසා වෙනද වගේම බොරු කියන්න ඇමතිවරු කතාකරගත්තා. ඇමතිවරු සේරම එක හඩින් "එහෙමයි අපෙ මහ රජතුමනි" කියල කිව්වා. ඊට පස්සෙ රජතුමා තව කොළයක් කඩල අරන් අන්දරේට දුන්නා. එහෙම දීලා අන්දරේගෙන් ඇහුවා " අන්දරේ, මේ කොළ උරුලෑ ගදයි නේද" කියලා. ඇමතිවරුන්ගේ බොරුව හෙලි කරන්නත් ගමනේ මහන්සිය මැකෙන්න විහිළුවක් කරන්නත් අන්දරේට මේක කදිම අවස්ථාවක් වුනා. ඒක නිසා අන්දරේ මෙහෙම කිව්වා. " අවසරයි අපෙ මහ රජතුමනි.ඇත්තුන්ටත් ඉහලින් යන උරුලෑවන් ගැන මා නම් අසා නැත. මේ කොළ උරුලෑ ගද නැහැ". අන්දරේ එහෙම කිව්වෙ මොකද දන්නවද. උරුලෑව කියන්නෙ බිමින් යන පොඩි සතෙක්. ඉතිං කොහොමද ඒ සතා අලියෙක් තරම් උසින් යන්නේ. අන්දරේ ඇත්ත කිව්ව නිසා රජතුමා ගොඩාක් සතුටු වුනා. ඒ වගේම අන්දරේගෙ අවංක කමට ගරුකරලා තෑගිබෝගත් දුන්නා. ආයෙත් බොරු කියන්න එපා කියලා ඇමතිවරුන්ටත් උපදෙස් දුන්නා.

Subscribe to:
Posts (Atom)